සබරගමු නර්තන සම්ප්‍රදාය

සබරගමු නර්තන සම්ප්රදාය
හැදින්වීම.

සබරගමු නර්තන සම්ප්රදාය යනුවෙන් හැදින්වෙන්නෙ එ නමින් ව්යවහාරිත ප්රදේශය ආශ්රිතව ව්යාප්ත ව පවත්නා එම ප්රදේශයටම ආවේණික වු නර්තන කලා සම්ප්රදාය ය. මෙය පූර්වොක්ත අන්ය සම්ප්රදායද්වය තරමට ම ශ්රී ලාංකික සමාජයෙ ව්යප්තව පැවතුනද සමස්ත වශයෙන් ගත් කල සිංහල සංස්කෘතියේ වැදගත් ස්ථානයක් උසුලන මේ සම්ප්රදායටම අයත් ශාන්තිකර්ම වර්තමාන සමාජයෙන් ශීඝ්රයෙන් විනාශ වෙමින් පවත්නා බව පැහැදිලි සත්යයකි. ජනතාවගෙ චින්තන රටාව සහ ආකල්ප වෙනස් වීමත් , දෙවියන් යකුන් ආදි අදෘෂ්යමාන බලවේග පිලිබද ව සමාජයෙ පැවති නොයෙකුත් සෙත් ශාන්ති විධිවලින් පිහිට ලබනු වෙනුවට නූතන වෛද්ය ප්රතිකර්ම කෙරෙහි යොමු විමත් වර්තමාන ආර්ථික ප්රවණතා හෙතුවෙන් සම්ප්රදායික සමාජ රටාව උඩු යටිකුරු වීමත් යන කරුනු ඊට උපස්ථම්භක වී ඇති බව පෙනේ.
යකුන් සහ දෙවියන් විශයෙහි පැවැත්වෙන ශාන්තිකර්ම මූලය කොටගෙන ප්රභවය වු බව පෙනෙන සබරගමු නර්තනය සමස්ත වශයෙන් ගත් කල ප්රධාන නැටුම් මාත්රා පහක් ඊට පදන්ම් වී ඇති බව පෙනෙ. එ වු කලී ;

1 . මුල් මාත්රය හො ගමන් මාත්රය

2 . සින්දු මාත්රය

3 . පට්ටුතාල් මාත්රය

4 . යක් පද මාත්රය

5 . යාදිනි මාත්රය

අතැම් විට මෙම මාත්රා පහ වෙනුවට වෙනත් සංඥානාම ද ව්යවහාරයෙ පවති. එනම් උඩරට මාත්රය, ගමන් මාත්රය හා නාඩගම් මාත්රය යි.

මුල් මාත්රය : දණ්ඩි හරඹ නැටිමෙන් අනතුරුව ආධුනිකයෙකු විසින් නටනු ලබන ප්රතම නැටුම් කොටසයි. එහෙයින්ම මෙය මුල් මාත්රය වුවා දැයි විමසනු වටි. මෙහිදි මංගලම් තාලයට මුල් මාත්රය නැටිම සිරිත වන අතර මෙ සඳහා ඉතා සරල නැටුම් පද භාවිතා කෙරෙ. එහෙත් මෙ සඳහා සතර වට්ටම් මෙන්ම පිට වට්ටම් මාත්රා ද නටනු ලබේ.

සින්දු මාත්රය වු කලි ගැමි ගායනා වලින් උපලක්ෂිත වුවකි. එනම් ගොවි තැන් කටයුතු කරන ලද ගැමි කාන්තවන් ඒ අවස්තාවලදි ගායනා කරන ලද ( තමාගෙ වෘත්තිය හා සම්බන්ධ ) ජන් ගී හා ඒවායෙ තත්වය ආශ්රයෙන් සිංදු සකස් වි ඇතිබව ඇතෙමෙකුගෙ අදහසයි. සබරගමු ගාහක වන්නම මීට අනුකූල ලෙස සකස් කර ඇති අතර බලි ආරම්බයෙ දි සින්දු මාත්රය නටන බව පෙනෙ.

දෙපා ඇඟිලි වලින් ආරම්භ කොට පතුල් වලින් අවසන් කරන නැටුම් කොටස පට්ටුතාල් මාත්රය බව සම්ප්රදායික පිලිගැනිමයි. බලි යාග, යක් තොවිල් හා පහන් මඩු ආදි සෙත් ශාන්ති වලදි පට්ටුතාල් මාත්රය නටනු ලැබේ. වට කරකැවිම් හා සුරල් රාශියකින් උපලක්ෂිත මෙය සය ආකාරයකට නැටිය හැකිය. මෙය කඩිනම් මාත්රයක් ලෙස හැඳින්විම වුව නිවැරදි.

යක් තොවිල් වල්දි ප්රථමයෙන් නටනු ලබන්නෙ යක් පද මාත්රය යි. එක්තරා ආකාරයක සැර පරුෂ ගති ස්වාභාවයක් විඩ්යාමාන වන පද කොටසකි; යක් පද මත්රය, ( කොහොඹා යක් කංකාරියෙ යක් තුං පදය මෙනි.) හැන්දැ සමයං වලදි විශෙෂයෙන්ම යක් පද මාත්රය නටනු දැකිය හැක. කලාසම නොනටන අතර දැපවිල්ලෙ දි මීට අදාල ගායනා කරමින් නටනු ලබයි.

දෙවියන් හා සම්බන්ධ ශාන්තිකර්මවලදි දෙවියන්ගෙ පිහිට අපෙක්ෂාවෙන් යාදිනි ස්වරුපයෙන් ඉදිරිපත් කෙරෙන මාත්රා විශෙෂය යාදිනි මාත්රය වශයෙන් සැලකෙ. විවිධ යාදින් මුල් කොට ගන්නා හෙයින් මීට තත් නම ව්යවහාර කරන බව පෙනෙ. බොහො ශාන්තිකර්ම වලදි යාදිනි මාත්රය දක්නා ලැබෙ. මේ එක් එක් මාත්රයට නියමිත නැටුම් මාත්රා දක්නා ලැබෙන අතර ඒවා එකිනෙක වෙනස් බවද කිව යුතුය.

වෙහෙර විහාර හා දේවාල ආශ්රිතව සිදු කෙරෙන භක්ති ප්රණාම නර්තන අංග දෙවියන්ගෙන් පිහිට අපෙක්ෂාව පතා සිදු කෙරෙන මඩු තොත්ර යක්ෂ උපද්රව වලින් අත් මිදිම සදහා පවත්වනු ලබන ශාන්තිකර්ම ග්රහ අපල වලින් මිදි ශාන්තියක් ලබා ගැනිම පර්මාර්ථ කොට පවත්වනු ලබන බලි ශාන්තිය සහ විනොදය අපෙක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන සෙත්කම් ආදි නර්තන අංග වලින් උපලක්ෂිත සබරගමු නර්තන කලාව ද ශාන්තිකර්මය මූලය කොට ප්රභවය වුවකි.

සබරගමු සම්ප්රදායේ ශාන්තිකර්ම පහතරට සම්ප්රදායෙ ශාන්තිකර්ම මෙන් ප්රධාන කොටස් තුනක් යටතේ සාකච්ඡා කල හැකිය. එනම් යක්ෂයන් උදෙසා පවත්වන ශාන්තිකර්ම , ග්රහයන් උදෙසා පවත්වන