ගුරු පූජා

ගුරු පූජා නිශ්ශ රණාධ්‍යාශයෙන්, ශාස්ත්‍රදාන යෙහි යෙදුණු ගුරුවරයා වෙත ” ගුරු පූජා” පැවැත්වීම ,මහා භාරත සංස්කෘතික උරුමයෙහි දක්නට ලැබුණු ආචාර ධරමයකි. අදද මෙම පෞරාණික සම්ප්‍රදායය ඉන්දියාවේ ගුරු කැල අතර වත එයි. වේද සාහිත්‍යය සහ මහා භාරත වීර කාව්‍යය ආදියෙහි ගුරු පූජා හැඳින්වෙන්නේ “දක්ෂිණා” යනුවෙනි. සිප් සතර හදාරා අවසන,

 

ගුරු පූජා

නිශ්ශ රණාධ්‍යාශයෙන්, ශාස්ත්‍රදාන යෙහි යෙදුණු ගුරුවරයා වෙත ” ගුරු පූජා” පැවැත්වීම , මහා භාරත සංස්කෘතික උරුමයෙහි දක්නට ලැබුණු ආචාර ධරමයකි. අදද මෙම පෞරාණික සම්ප්‍රදායය ඉන්දියාවේ ගුරු කැල අතර පැවත එයි. වේද සාහිත්‍යය සහ මහා භාරත වීර කාව්‍යය ආදියෙහි ගුරු පූජා හැඳින්වෙන්නේ “දක්ෂිණා” යනුවෙනි. සිප් සතර හදාරා අවසන, රන් රිදී, ඉඩ කඩම්, ධාන්‍ය සහ ගව අස් ආදි සතුන්ගෙන් ද ගුරුන් පිදිම ශිෂ්‍ය මානවකයා විසින් කළ බව මහා භාරත කාව්‍යයෙහි සඳහන් වේ.අපෙ වංශ කතාවේ යටගියාව දෙස බලන විට, ගලතුරුමුළ, විල්ගම්මුව, මහනෙත් පාමුළ ආදී විද්‍යස්ථාන කේරේ රාජ්‍ය අනුග්‍රහය දැක්විමද සිව් පසයෙන් ගුරුන් පිදීමද තුබු බැව් පැහැදිළිය. රාජානුග්‍රහය නොලැබුනු කාලයන්හි මෙරට ශිල්ප ශාස්ත්‍ර ද පිරිහුණි. මහා භාරතයෙහි මෙන් පුළුල් සම්ප්‍රධායක් වු අප කලාව ගුරුනට ගරු සැළකිලි, පූජා දැක්විමේ සද්ගුණය පෙර හෙළ රජ දවස නො මඳව වැඩි ආ බව පෙනේ.

එදා ගුරුවරයා, සිය ශිෂ්‍යයා පුත්‍ර ස්ථානයෙහි ලා සැලකීය. සිය ගුණ නුවණ ගුරුවරයා ඇසුරින්ම වැඩිදියුනු කර ගත් ශිෂ්‍යයාද තම ගුරුවරයාට මහත් ගෞරවයක් දැක්වීය. එහෙත් අද නවීන අධ්‍යාපන රටාවේ ප්‍රතිඵලයක් නිසා දෝ, ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඇති සම්බන්ධ තාවය අනු වේදනීයය. ඥාණය, අධ්‍යාත්මික ගුණ වගාව, ධෛර්යය සහ ජාත්‍යාලය සුණුවිසුණු කරන, දුර්දාන්ත කෘතීම සම්බන්ධතාවක් තරමට, වර්තමාන ගුරුගෝලකම් පත් වි ඇත. එබැවින් බෞද්ධ සදාචාර ඔස්සේ වැඩුණු, සිංහල ජාතියට ආවේණික චිරාගත උදාර චර්යා ධර්ම නැවත ලංකර ගත යුතුව ඇත. සිංහල ලාංකික ජාතිය නව යුගයකට එලඹිය යුත්තේ අපේ අතීතය අමතක කර දැමීමෙන් නොව එහි උත්කෘෂ්ඨ අංග අත්‍යාවශ්‍ය ලෙස ආදර්ශයට ගැනිමෙනි.

උපහාර ලද්දෝ

“පූජාච පූජනීයානං….” යයි බුදු වදනෙහි සඳහන්වේ. කුල – නිල – බලතල නොතකා පිදිය යුත්තන් පිදීම ආචාර ධර්මයකි. කලා කෘතීන් ගැන බොහෝ විට කතා කරතත් කලාකරුවා ගැන සඳහන් වීම ඉතා විරලය. කළ ගුණ සැලකිම, පිදිය යුත්තන් පිදිම, සිංහලයාගේ සදාචාර ගතියකි. අප රටේ මෑතක් වනතුරු සිරිතක්ව පැවතුනේ කලා කරුවන් මියගිය පසු සුළු මුදලකින් ආධාර කොට ඉහලින් ගුණ වනා ඉන්පසුව ඔහු අමතක කර දැමිමය. ගරු ජනාධිපතිතුමාගේ අනු දැනුම ඇතිව ගරු අගමැතිතුමාගේත් මූලිකත්වයෙන් කලාකරුවන් ජිවත්ව සිටියදි ඔවුන්ට උඅපහාර දැක්විම, සම්මාන පිදිම, මුදලින් හා නොයෙක් අන්දමින් ආධාර කිරිම රජය ප්‍රතිපත්තියක් කොට ඇත.

නිදහස්, නිවහල්, ධර්මිෂ්ඨ ජාතියක එක්තරා සංකේතයක් වශයෙන් මේ මහඟු ගුණය සලකන්නට පුළුවන. තුන් සිංහලයේ කලා කරුවන්ගේ සේවය අගය කොට බුහුමන් දැක්විමේ වැඩපිලිවෙලක් ටවර් හෝල් රඟ හලන් පදනම යටතේ ආරම්භ කිරිමෙන් පසුව සකස් කොට ඇත. කලා කරුවන්ට උපහාර දැක්විමේ පුළුල් වැඩ පිළිවෙලෙහි එක් අංගයක් වශයෙන් තුන් සිංහලයෙ නාට්‍ය කලා ශිල්පීන් හඳුනාගෙන, පිළිගෙන ඔවුන්ගෙ ජිවිතය දුකින් මුදවා සැපෙන් සපුරාලිමට ගන්නා ලද ප්‍රශංසනීය පියවරකි මේ. කලාකරුවා පවුලක් හො ගමක් සතු පුද්ගලයෙකු නොව ජාතිය සතු මහඟු වස්තුවකි. අපි ඔවුනට මෙසේ උපහාර දක්වමු.

ජාතියේ ඇස – කලා මිණි දෙස

ක්‍රිස්තු පුර්ව 3000 දක්වා ඇතට දිවෙන, මොහෙන්දජාරෝ – හරප්පා ශිෂ්ඨාචාරයේ මූර්ති රූප, සත්ව කැටයම් ආදියත් සමේරියාවේ මහා දෙවොල් සහ මිසර්යේ පිරමිඩ් හි ඇතුළත් කලා කෘතීන්ද අනූව, මිනිසා, ශිෂ්ඨාචාරයට පත්වු ආදිම කාලයෙ සිට කලා රසඥතාවයන් සහ නිර්මානශිලි ගුණයන් සමන්විත වු බව පෙනේ. දියොනීසස් දෙවියන් මුල්කැර පැරණි ග්‍රික නැටුම් ගැයුම්ද, ක්‍රිස්තුස්වහන්සෙගේ ජිවිත කතාව අනුකරණය කර පැරණි රෝම නැටුම් ගැයුම් ද, වේද යුගයේ යාග – හෝම මුල්කැර භාරත නැටුම් ගැයුම් ද වර්ධනය වුහ. එහෙත් දීර්ඝකාලීන සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ කලා ක්ෂෙත්‍රයෙහි නැටුම් ගැයුම් පිලිබඳව කෙටි ඉතිහාසයක් ඇත්තේ ථේරවාද බුදු ධහම නිසා ඇති වු හික්මවීම නිසා යැයි සිතිය හැක.

මහනුවර සිංහල රාජ යුගයේ සිට කෙමෙන් වර්ධනය වු නැටුම් ගැයුම් ආරක් අප අතර දක්නට ලැබෙයි. උඩරට පහතරට වශයෙන් වැඩි ගිය මෙම කලා කුශලතා අතුරෙන් උඩරට නැටුම් කලාව මහත් තාණ්ඩව සම්ප්‍රදායෙන් යුක්තව මෝරා ගියා ය. පහත රට නැටුම්, යක් නැටුම් වශයෙන් වැඩුණි. භාරත මුණි සඳන් කළ සිව්වැදැරුම් අභිනයන් පිලිබඳ සේයාවන් දහ අට සන්නිය, ගම්මඩු, රටයකුම, කොහොඹා කංකාරිය ආදි අභිචාර විධි නැටුම් වල දක්නට ලැබෙයි. මෙම නැටුම් සහ ගැයුම් ක්‍රම පාරම්පරිකව කලා පවුල් විසින් ආරක්ෂා කර ගෙන එමින් පවති.

සමාජයේ හො වෙනත් ආයතනයක කිසිම පිටිවහලක් නොලබා මහත් ඕනැකමින් ජනතා කලා උරුමය ලෙස මෙම පාරම්පරික නැටුම් ගැයුම් රැකගෙන එනු ලබන කලා ගුරුන් වෙත ජාතියේ උඅපහාරය පිරිනැමීම අගනා පියවරකි. තත්, ජිත්, තොන්, නන් වශයෙන් සුභ නැකතින් උගනමින් භේරි, තාලම්, සුරල්, අඩපද දෙසිය සොලොසම නටරාජා වෙසින් සබයෙහි පෑමට මෙම කලා පවුල්වල සාමාජිකයො සමත් වෙති. ජෙංග – ජෙංග කිට – ජෙන් කිටත් කිට ….. වශයෙන් තකුං ජෙං කිතක් තකු… ජෙං කිතක් තකු ජෙං කිතක් දක්වා දෙසිය සොළොස් පදයම නටන වයන මනහර විලාසය ජාතියටම ආඩම්බරයකි. මෙම පාරම්පරික කලා කරුවෝ දළදා පෙරහැර විෂය කොට දක්වන තම අපූර්ව රංගන විලාසය නිසා ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත.

මෙවන් අසාමාන්‍ය ප්‍රතිභාවකින් පරිපූර්ණ වු කලා පරපුරවල් කේරේ ජාතියෙ ඇස් ඇරවිම, ඔවුනට ගුරු පූජා පැවැත්වීමෙන් සම්මාන දැක්වීම සැබැවින්ම අති උදාර කාර්‍ය්ය‍යකි. බාල පරපුරට නිසි මග පෙන්විමද ද එය හෙතු වනු ඇත. සමාජ හැසිරිම වැඩදායි ලෙස සංයම කරවිමට සහ පුබුදුවලීමට කලාකරුවා සතු සෞන්දර්ය බලය අසීමිත වන අතර ඔහුට නිසි ලෙස සැලකීම සහ නිසි තැන තැබීම ජාතියේ වාසනාව පිණිසම වන්නේ ය.

චිත්‍රසේන…