උඩරට නර්තන සම්ප‍්‍රදාය

උඩරට නර්තන කලාව
ශ‍්‍රී ලංකාවේ නර්තන සම්ප‍්‍රදායන් ගත්කල ප‍්‍රධාන දේශීය සම්ප‍්‍රදායන් හතරක් දැකිය හැකිවෙයි x මේවා නම් බහුතර සිංහලන් වසන ප‍්‍රදේශවල පැතිර පවත්නා උඩරට පහතරට හා සබරගමු යන සිංහල නර්තන සම්ප‍්‍රදායන් තුනත් බහුතර හින්දු ජනයා පැතිර පවත්නා ප‍්‍රදේශවල පවතින භරත නාට්‍යම් සම්ප‍්‍රදායත් වශයෙනි x මෙම නර්තන සම්ප‍්‍රදායන් මෙලෙස ව්‍යාප්ත විමට ජනවාර්ගික පදනම මෙන්ම භූගෝලීය හා සාංස්කෘතික පදනම ද බලපා ඇති බව පෙනීයයිx මෙහිදී අප අවධානය ප‍්‍රධාන සිංහල නර්තන සම්ප‍්‍රදායක් වන උඩරට නර්තන සම්ප‍්‍රදාය කෙරෙහි යොමු වෙයි x
උඩරට නර්තන කලාව වූකලී නාමාර්ථයෙන්ම අතීතයේ උඩරට නමින් ප‍්‍රවලිත ව තිබූ මලය රටෙහි පැවතියා වූ නර්තන සම්ප‍්‍රදායයි x අවිශේෂයෙන් මධ්‍යතන යුගයෙහි ලංකාවේ ප‍්‍රධාන සිංහල රාජ්‍යය වූ මහනුවර රාජධානියට අයත්ව රාජානුග‍්‍රහය ලබමින් පෝෂණය වූ නර්තන සම්ප‍්‍රදායයි x එහෙයින් අතීතයේ උඩරට රාජ්‍යයේ පාලන මධ්‍යාස්ථානය හෙවත් අගනගරය වූ මහනුවරට ව්‍යවහාර වූ කන්දේ නුවර ට යුරෝපීයයන් ව්‍යවහාර කළ ණ්භෘශ යන පදය මුල්තොට ගෙන එම රාජ්‍ය්‍යයේ ව්‍යාප්තව තිබූ නර්තන නම්ප‍්‍රදාය ණ්භෘශභ ෘ්භක්‍ෑ නමින් ම වර්තමානයේ වුවද භාවිතයට ගැනෙයි x
තත් නර්තන සම්ප‍්‍රදායේ ඓතිහාසිකත්වස පිළිබඳ විමසන විට එහි ඉතිහාසය ක‍්‍රි පූ සවන සියවස දක්වා දිවෙන බව මුඛපරම්පරාගත වෘත්තාන්තයන්ගෙන් හෙළිවෙයි x ඒ ලිඛිත ඉතිහාසය අනුව ලංකාවේ පළමු රජු හා සිංහල ජාතියෙහි ආරම්භකයා වශයෙන් සැලකෙත (විවාදිතයි* විජය හා කුවේණිය සම්බන්ධ කථා ප‍්‍රවෘත්තියත් විජයගේ ඇවෑමෙන් මෙහි රජ වූ පණ්ඩුවාසුදේව නම් රජුට කුවේණියගේ ශාපය හෙවත් දිවිදොස වැදීමෙන් ඇති වූ රෝගභය දුරුලීමට සිදුකළ හැටපස් මංගල්‍යය නම් ශාන්තිකර්මාවලියෙන් උඩරට කොහොඹා කංකාරිය හා අවශේෂ ශාන්තිකර්මයන් ආරම්භ වූ බවටත් එන පාරම්පරික වෘත්තාන්තයන් හේතුවෙනි x කෙසේ නමුදු ඇතැම් විද්වතකු සිදුකළ පර්යේෂණයන් අනුව මෙම නර්තන සම්ප‍්‍රදාය පසළොස් වන සියවසේ දී පමණ ඇරඹෙන්නට ඇතැයි ද ප‍්‍රකාශ වෙයි x කෙසේ නමුදු බහුතර මතය තවමත් මෙම නර්තන සම්ප‍්‍රදාය ක‍්‍රි පූ සවන සියවසේ ආරම්භව වර්ධනය වූ බවයි x
උක්තයෙන් ද කී පරිදි උඩරට නර්තන සම්ප‍්‍රදාය වාච්‍යාර්ථයෙන් ම උඩරට ප‍්‍රදේශයන් හි (මහනුවර රාජධානියට අයත්ව තිබූ ප‍්‍රදේශ* ව්‍යාප්තව පවත්නා නර්තන සම්ප‍්‍රදායයි x